You can contact us 24/7 +94 70 239 9003

මාල්ගුඩි දවස් - Malgudi dawas

රු900.00රු810.00
Out of stock

වෛද්‍යවරයාගේ තීරණය රෝගියෙකුගේ තත්ත්වය අවදානම් අතට හැරුණ විට මිනිස්සු ඔහු සොයා යාමට පුරුදු වූහ. ඇයි දවසක්වත් කලින් ආවෙ නැත්තෙ? එවැනි මිනිසුන්ට වෛද්‍ය රාමන් නිතරම කඩා පනියි. එහෙත් ඊට හේතුව පැහැදිලිය. වෛද්‍යවරයාට ගෙවිය යුතු ගාස්තුව රුපියල් විසිපහක් වීම එක හේතුවකි. එහෙත් ඊටත් වඩා වැදගත් කරුණක් ඇත. වෛද්‍ය රාමන් මහතා ගෙන් උපදෙස් ගැනීමට කාලය පැමිණ ඇති බව පිළිගැනීමට අකැමැති වීමයි. වෛද්‍ය රාමන් ගේ ස්වාභාවය කවුරුත් මනාලෙස දැන සිටියහ. නිතරම වෛද්‍ය රාමන්ගෙන් ලැබුණේ ක්ෂණික තීරණයකි. " තවදුරටත් කාලය කැප කිරීමෙන් ප්‍රයෝජනයක් සිදු නොවේ. වෛද්‍ය රාමන් තුළ වැනෙනසුලු ප්‍රතිපත්ති නොවීය. බොරුවට ගුණ ගැයීමක් ද ඔහුගෙන් සිදු නොවීය. මේ අන්දමට දිර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා මෙම වෛද්‍යවරයාගේ සාර්ථකත්වය පිළිබඳව මහජනයා තුළ පිළිගැනීමක් ඇති විය. මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කරන අදහස මිනිසුන් සැලකුවේ වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් ලෙස නොවේ. විනිශ්චයකාරවරයකු දෙන තීරණයක් ලෙසිනි. රෝගියාගේ ජීවිතය රඳා පැවැතියේ ඔහුගේ වචන මතයි. රෝගියාගේ තත්ත්වය සුවදායක අතට හැරෙන බව පැවසීමෙන් රෝගියාගේ ජීවිතය බේරාගත නොහැකි බව ඔහු විශ්වාස කළේය. සැනසුම ලබාදෙන බොරු කීම තමන්ගේ රාජකාරියට අයත් නැති බව වෛද්‍ය රාමන් ගේ අදහස විය. කෙසේ වෙතත් බලාපොරොත්තු තබාගත හැකි අවස්ථා වලදී හේ කමිසයේ අත් නමා ගෙන රෝගියා වෙත ගියේය. එය පැය කීපයක් නොව දින ගණනාවක් විය හැකියි. එහෙත් රෝගියා මරුවාගෙන් ගලවා ගන්නා තුරු හේ සටන් කළේය.

Email when stock available

SKU: 28504

Categories: නවකතා, පරිවර්තන

Title
මාල්ගුඩි දවස් - Malgudi dawas
Availability
Out of stock
Categories
නවකතා, පරිවර්තන
Publisher
ගොඩගේ - GODAGE
පරිවර්තනය :
R. K. Narayan
පිටු ගණන
182
Tags
Malgudi dawas, ආර්.කේ. නාරායන්, මාල්ගුඩි දවස්

Customer reviews are not available yet.

Related products