10%
20% අපූරු මිනිසෙක් - STEVE JOBS
ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්ය නැත. දිව්ය ලෝකයට යෑමට අවශ්ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්යයි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
දින තිහේ ඉලක්කය සපුරා ගැනීමට හැකි විය. වඩාත් වැදගත් වූයේ ඔවුන් ලබා ගත් කොටස් වලින් පුවරු පනහක් නොව සියයක් නිපද විය හැකි වීමය. ඉන් පනහක් බයිට් ෂොප් වෙත භාර දීමෙන් සියලු වියහියදම් පියවා ගත් ඔවුහු ඉතිරිය විකිණීමෙන් ශුද්ධ ලාභයක් ලබා ගත්හ. සිය නිපැයුම තවමත් අතදරුවෙකු මෙන් ළදරු අවස්ථාවක තිබුණ ද ඊට වෙළඳ භාණ්ඩයක සියලු ලක්ෂණ තිබිය යුතුයැයි ස්ටීව් අදහස් කෙළේය. වඩාත්ම වැදගත් වන්නේ ගැලපෙන ලොගෝවක් සැලසුම් කිරීමය. රොන් වේන් සැලසුම් කළ පළමු ලොගෝවෙන් දැක් වූයේ ඇපල් ගසක් යට වාඩි වී සිටින නිව්ටන් එහි සිතුවිලි සාගරයක් මැද සදහටම හුදකලාව සැරි සරන මනසක් යන වර්ඩ්ස්වර්ත් ගේ කවි පදය ද සඳහන් විය.
- Title
- අපූරු මිනිසෙක් - STEVE JOBS
- Availability
- In Stock
- Categories
- Biography - චරිතාපදාන
- Publisher
- විජේසූරිය ග්රන්ථ කේන්ද්රය
- පරිවර්තනය :
- මහින්ද හත්තක
- පිටු ගණන
- 226
- Tags
- apooru minisek, STEVE JOBS, walter lsaacson, Wijesooriya Grantha Kendraya, අපූරු මිනිසෙක්, විජේසූරිය ග්රන්ථ කේන්ද්රය
Customer reviews are not available yet.





