You can contact us 24/7 +94 70 239 9003

ආමරිය සීල් - Amariya Seal

රු1,500.00රු1,350.00
In Stock

ආමරිය සීල්" යුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත්‍රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප්‍රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි. ලුතිනන් කර්නල්  සුජිත් චමින්ද එදිරිසිං

KOKO/Mintpay Payment

SKU: 26791

Categories: යුද සාහිත්‍ය

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපනවය. අඛණ්ඩ ලේ වහනය ද, වේදනාව ද ඔවුන්ව පෙළමින් තිබුණේ එකසමවය . තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ශා සහගත දෑස් දිලිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරට යොමුවී තිබුණේ අහස දෙසය. ක්‍රමයෙන් හෙලිකොප්ටරයක හැඩ ඇතින් ඇසෙන්නට විය. එකවන්නේ දර්ශනය නොවුව ද, එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙළිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජීවත්වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම පෙන්වන්නට වූහ. හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන් තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය. වෛද්‍ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වූයේ තටත් කළ හැකි යමක් ඉතුරුට තිබේදැයි නිරතුරු විමසිළිමති වෙමින් සිය පිවිතය ජීවත් කරවීම උදෙසා හෙළිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.

Title
ආමරිය සීල් - Amariya Seal
Availability
In Stock
Categories
යුද සාහිත්‍ය
Publisher
කර්තෘ ප්‍රකාශන
පිටු ගණන
200
Tags
amariya seal, Sujith Chaminda Edirisinghe, ආමරිය සීල්, සුජිත් චමින්ද එදිරිසිංහ

Customer reviews are not available yet.

Related products