You can contact us 24/7 +94 70 239 9003

ටාර්සන් සහ කුහුඹු මිනිස්සු - Tarzen saha kuhumbu minissu

රු900.00රු810.00
In Stock

අප්‍රිකාවේ මහා ඝන වනාන්තරයේ ඉතා ඇත අත්‍යන්තරයෙහි. පැරණි ශිලා යුගයට අයත් දැවැන්ත යෝධයන් වාසය කරන, ආදි කල්පික භූමි භාගයක් ඇත. ඔවුන්ගේ නිති, මහ වනයේ නීති වලට ද වඩා භයංකරය. බිහිසුණු ය. සිය ගුවන් යානය කඩා වැටීමෙන්, වානරයන් ගේ ටාර්සන්, මේ අද්භූත වු ද භීෂණාත්මක වුද දේශයට ඇතුළු වෙයි. ට විට මහා යෝධයන් විසින් සිර බාරයට ගනු ලබන ටාර්සන් භයංකර ඉරණමකට මුහුණ දෙයි. කෙසේ හෝ එම දේශයෙන් පැන ගන්නා ටාර්සන්, අනතුරු ව කුහුඹු මිනිසුන්ගේ සිර කරුවකු බවට පත් වෙයි. මේ කුහුඹු මිනිසුන් ගේ උස ප්‍රමාණය අඟල් දහ අටකට වැඩි නො වෙයි. මේ කුහුඹු මිනිස්සු තමන් ගේ විද්‍යාත්මක දැනුමෙන් ටාර්සන් ද තමන් ගේ ප්‍රමාණයට අඩු කොට, සිය ගල් - වළවල වැඩට යවති. මෙහි දී තමාට හිමි වන්නට තිබූ දරුණු ඉරණමෙන්; වානරයන්ගේ ටාර්සන් සිය උපාය ගිලිත් - වයෙන් හා බුද්ධි මහිමයෙන් ගැළවෙයි.

KOKO/Mintpay Payment

SKU: 28643

Categories: පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, Novel series

උගෝගෝ ගං ඉවුරෙහි වූ මිනි කන ඔබ්බී ගේ ගමෙනි. අපිරිසිදු අඳුරු පැල්පතක, එස්ථඛාත් මරැවා ඇත තබා හිඳ ගෙන, අඩක් පිසින ලද මාළුවකුගෙන් ඉතිරි වී තිබුණු කොටස් ලැටි ගාමින් කෑවේ ය. ඔහු ගේ ගෙල වටා වහල්ලුන්ට යොදන අන්දමේ යකඩ කර පටියක් විය. එයට සවි කොට තිබු අඩි කීපයක් දිග මළ කෑ යකඩ දම් වැලෙහි අනෙක් කොත, පහත් පැල්පතට ඇතුළු වන තැන. යටට සාරා බිම සිටුවන ලද මහත කණුවකට බැඳ තිබිණ. මේ තැතින් ගමෙහි වීථියට බැසිය හැකි විය. ඔබ්බ ගේ පැල්පත මෙයට නුදුරෙන් වූයේය. අවුරුද්දක පමණ කාලයක සිට එස්ටිඛාන් මිරැණ්ඩා මෙ පරිද්දෙන් බල්ලකු මෙන් දම් වැලෙන් බදිනු ලැබ සිටියේ ය. ඇතැම් විටෙක ඔහු බල්ලකු පරිද්දෙන්ම, තම බලු කුඩුවේ පහත් වහල අස්සෙන් එළියට රිංගා, අවුව තැපුවේය. විනෝද ක්‍රියා වශයෙන් ඔහුට තිබුණේ ක්‍රියා දෙකකි; ක්‍රියා දෙකක් ම පමණකි. එකක් නම්, ඉතා හොඳ නළුවකු වූ ඔහු, වඩ වඩාත් සාර්ථක අන්දමින් දීර්ඝ කාලයක් රඟ පෑ ආකාරයෙන්, තමා වානරයන් ගේ ටාර්සන් යැයි නිරන්තරයෙන්ම සිතාගෙන සිටීම වීය: ඔහු එම චරිතය රඟ පෑවා පමණක් නොව, එම චරිතය තුළ ජීවත් ද වුයේය. ඔහු සිතාගෙන සිටි අන්දමින් නම්, ඔහු අන් කිසිවකු නොව, වානරයන් ගේ වාර්සන් ම වීය -ඔබට ද ඔහු වානරයන් ගේ ටාර්සන් වූයේ ය.

Title
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු - Tarzen saha kuhumbu minissu
Availability
In Stock
Categories
පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, Novel series
Publisher
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
පරිවර්තනය :
K.G. Karunathilake
පිටු ගණන
340
Tags
එඩ්ගර්.රයිස්.බරෝස්, කේ.ජී. කරුණාතිලක, Tarzen saha kuhumbu minissu, ටාර්සන් සහ කුහුඹු මිනිස්සු

Customer reviews are not available yet.

Related products