10%
10% ටාර්සන් ගේ වන සිවුපාවෝ - Tarzenge wana siwpawo
තමා ප්රිය කරන වනගත නිවෙසින් ඇත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්රබල ප්රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදී කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සූරතල් පුත්රයා ද ප්රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය. කෝපාවිෂ්ට වාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්රකම්පා කරමින් ඉතාම බිහිසුණු ත්රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
මේ මුළු සිද්ධියම අබිරහසකින් වැහිලා යි තියෙන්නෙ." සී දාර්නෝ කීය. " මේක කෙළේ කොහොම ද කියලා පොලිසියට වත් සාමාන්ය නිලධාරි මණ්ඩලයේ විශේෂ නියෝජිතයන්ට වත් අබ මල් රේණුවක තරම් වත් දැනුමක් නොතිබුණ බවට ඉතා හොඳ සාක්ෂ්ය මට තියෙනවා, ඔවුන් ඔක්කොම දන්නේ. ඒ වගේ ම ඕනෑම කෙනෙක් දන්නේ, නිකලස් රොකෝ(ප් සිර ගෙයින් පැන ලා ගිහින් තියෙන බව විතර යි. '' " වානරයන් ගේ ටාර්සන්" යන නමින් දන්නා ලද ග්රේස්ටෝක් සාමිවර ජෝන් ක්ලේටන්, සිය මිතුරා වූ ලසිතත් පෝල් දානෝ ගේ පැරීසියේ පිහිටි නිවාස ස්ථානයට වී සිය අකලංක සපත්තුව දෙස කල්පනාකාරී ව බලා ගත් ගමන් නිහඬ ව වාඩි වී සිටියේය. තම පරම සතුරා, තමාගේ ම සාක්ෂ්ය මත ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටි ප්රන්ස මිලිටරි බන්ධනාගාරයෙන් පැන යෑම නිසා, ඔහුගේ සිතෙහි අතීත අනුස්මරණ රාශියක් යළි යළිත් පහළ වන්නට පටන් ගත්තේය. රොකෝප් තමා මරා දමීමට වරක් කො තරම් උත්සාහ කෙළේ ද යන්න ගැන ඔහු කල්පනා කෙළේ ය.
- Title
- ටාර්සන් ගේ වන සිවුපාවෝ - Tarzenge wana siwpawo
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, Horror - ත්රාස්යජනක, Novel series
- Publisher
- දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
- පිටු ගණන
- 266
- පරිවර්තනය :
- K.G. Karunathilake
- Tags
- එඩ්ගර්.රයිස්.බරෝස්, Tarzenge wana siwpawo, කේ.ජී. කරුණාතිලක, ටාර්සන් ගේ වන සිවුපාවෝ
Customer reviews are not available yet.








