You can contact us 24/7 +94 70 239 9003

නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzen

රු1,050.00රු945.00
In Stock

මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු. පුචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල. විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවතීය බල වේගයක් වෙයි. වාතර - මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය, අතිභීෂණාත්මක ය.

KOKO/Mintpay Payment

SKU: 28641

Categories: පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, Novel series

විඩාවෙන් මිරිකුණු භවුමාන් fප්‍රිට්ස් ෂ්ණයිවර්, බිහිසුණු වනයේ අඳුරු ව- කඩවල් ඔස්සේ සෙමෙන් සෙමෙන් දෙ පා ඇද්දුවේ ය. ඔහු ගේ අණ්ඩාකාර පතරොමක් වැනි දිගටි හිසෙන් මතු වුණු ඩහ දිය බිඳු. නෙරා ගිය දැවැන්ත හතු පාඩා දිගේ ද තරබාරු ගෙල දිගේ ද රූරා වැටිණ. ඔහු ගේ ලුසිනන් ඔහු ළඟින් ම පසු පසින් ද ඒ ලුතිනත් පසු පසින් ගමන් වෙහෙසින් හෙම්බත් වුණු ඇස්කාරිස්වරු ' කිහිප දෙනෙක් ද ඔවුන් පසු පසින් ක්ලාන්ත වෙමින් සිටි පෝටරයෝ කිහිප දෙනෙක් ද පෝටරයන් පසු පසින් කළු ජාතික සොල්දාදුවෝ ද ගමන් කළහ. මේ කළු සොල්දාදුවෝ තම සුදු නිලධාරීන් අනුගමනය කරමින් පෝටරයන්ට බසිනේතු වලින් ද රයිfපල් මීට වලින් ද අනිමින් ඔවුන් ඉදිරියට දක්කු හ. මේ සැමට ම පිටු පසින් උපලුතිනන් fපොන් ගොස් ගමන් කෙළේ ය. හවුල්ට්ස්මාන් ෂ්ණයිඩර්, තම අත පොවන මානයේ පෝටරයකු නොවුයෙන් සිය ක්‍රෝධය ළඟම සිටි ඇස්කාරියකු ගෙන් පිරිමසා ගත්තේය. එහෙත් ඔහු එසේ කෙළේ බෙහෙවින් පරීක්ෂ්‍යකාරි වය. කුමක් නිසා ද යත්, ඔවුන් අත පතරොම් පිරවු රයිfපල් තිබුණ බැවිනි: එසේම, මේ අප්‍රිකානු මහා වන මධ්‍යයෙහි ඔහු ඇතුළු මේ සුදු මිනිසුන් ති දෙන තනි වී සිටි බැවිනි. හවුෂ්ටමාන්ගේ පිරිසෙන්අඩත් ඔහු ඉදිරියෙන් ගමන් ගත් අතර, අනෙක් අඩ ඔහු පසු පසින් ගමන් කළහ. මේ ජර්මානු කපිතන්, මහා වනයේ රෞද්‍ර වන සතුන් ගෙන් තමාට විය හැකි ව

Title
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzen
Availability
In Stock
Categories
පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, Novel series
Publisher
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
පරිවර්තනය :
K.G. Karunathilake
පිටු ගණන
358
Tags
K.G. karunathilake, එඩ්ගර්.රයිස්.බරෝස්, Nodamunu Tarzen, නොදැමුණු ටාර්සන්

Customer reviews are not available yet.

Related products

Recently viewed items