20%
20% නොහදුනන ලින්කන් Nohadunana Lincoln - Lincoln the unknown
එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
මේ පොත, එනම් ඩේල් කානගී විසින් විරචිත, LINCON THE UNKNOWN මුල් කෘතිය කියවද්දී, කිහිප විටක් ම මම වැලපුණෙමි. මේ තරම් දුක් කන්දරාවක් මා නම් විඳ නැත. මේ රටේ කිසිවෙක් මෙපමණ දුක් වින්දේ දැයි මම නොදනිමි. මේ ශෝකී, මානවවාදී මනුෂ්‍යයා, තමා උපන් දේශය උත්තරිතර, සියුම් මානව භාවයන් ගෙන් පොහොසත් දේශයක් කිරීමට ගත් ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය ගැන කියවන විට නෙතට කඳුළු පිරෙයි. ඔහු ගේ සමස්ත ජීවිතය ම මහා ශෝක කාව්‍යයකි. එහි විරහව සහ එතුළින් නැගී එන සියුම් මානව සංවේදිතාව මගේ ඇට මිදුළු - නහර තුළට කැවුණි. අසීමිත ජඩ සහ නීච තක්කඩින්, සලෙළුන් සහ සොරුන් අතර මෙවන් අරවින්දයන් ද පිපී ඇත. සියවසකට පසුව නොව, දහස් වසකට පසුව වුවද, මෙවන් සියපත් හි මහ නහර සුවඳ දියත ගලා නොබසිත්ද? ඔහු ගේ සුපතළ කියමන මට මෙහි දී සිහිපත් වේ. YOU DONT HAVE TO BE GREAT TO START BUT YOU HAVE TO START TO BE GREAT මෙය දේව වාක්‍යයක් ලෙස මම අදහමි. ඔහු මෙවැන්නෙකි. දිළිඳු, නූගත්, දඩයක්කාරයා ගේ පුතා, ලෝකයේ ප්‍රබල ම රාජ්‍යයේ දහසය වැනි නායකයා ලෙස ධවල මන්දිරයට ඇතුළු විය. ජනාධිපති ලෙස ඔහු කමින්, බොමින්, ගැහැනුන් ඇසුරු කරමින්, අනෙක් පක්ෂ වලට බනිමින්, මුසා දොඩමින් සිටියේද? නැත! ඔහුගේ හැම වචනයක්ම මානව භාවයෙන් පිරිපුන් කාව්යයය. එහි අකුරක් හෝ ඉවත දැමීමට නැත. ඔහුගේ කෙටි සිවු වසරක පාලන කාලය තුළ ඇමෙරිකාවේ අතීත දින භාවය, වහල් භාවය තහනම් කළේය. නැති නම් අදත් ඇමෙරිකාව ම්ලේච්ඡ වනචාරි ජාතියක් ලෙස ඉතිහාස ගතවනු ඇත. වහල් භාවය ඔහුගේ දැඩි පිළිකුලට ලක් විය.
- Title
- නොහදුනන ලින්කන් Nohadunana Lincoln - Lincoln the unknown
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, Biography - චරිතාපදාන, Inspiration international books
- Publisher
- විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya
- පරිවර්තනය :
- Gamini kumara withana
- පිටු ගණන
- 388
- Tags
- Gamini kumara Withana, Nohadunana Lincoln, නොහදුනන ලින්කන්
Customer reviews are not available yet.










