20%
10% ලෝවීනා - loveena
"මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං .... තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය. කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා.... මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
"මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං .... තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය. කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා.... මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය. ---------------------------------------------------------------------------- පුන්නා වරපට දිගේ නැගගෙන ළිං පතුල යටින් ගොඩට එන අතරතුර ළිං වතුර තුළ අමුත්තක් උක්කු මැණිකා දුටුවාය. සැබැවින්ම ළිං වතුර රතුම රතු පැහැ වී තිබුණේය. "ඔහොම ටිකක් නැවතියං...' උක්කු මැණිකා වරපට දිගේ ගොඩට එන සිය දියණිය නැවැත්තුවාය. කවදාවත් එහෙම වදනක් අම්මාගේ මුවින් පිටවී නැති නිසා පුන්නා ළිං පතුලත් ළිං කටත් අතර මැද සිට, ළිඳට එබී බලන අම්මාගේ මුහුණ දෙස සැකයෙන් බැලුවාය. උඹට පුළුවන්ද මං නැකැත් මාම හම්බවෙලා එනකං ඔහොමම ඉන්ඩ... ---------------------------------------------------------------------------- "අර දුම් කබල අරං වරෙන් ආපහු ඇතුළට.." රනී වහා එළියට දුව ගොස් දුම් කබල අරගෙන ආවාය. "දං ඒක මගෙ කකුල් දෙක අස්සෙන් තියහං..." 'මේ දුම් කබල...?' රතී සැබැවින්ම විමතිය පළ කළේ මේ ගැනිට ඇත්තටම පිස්සු හැදීගෙන එනවා දැයි සැක ඇතිවය. එහෙත් පුන්නී බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නාය. "ඔව් ඔය දුම් කබල තමා..." " එතකොට මේ උපදින කිරි සප්පයාට හුස්ම ගන්ඩ අමාරු වෙයි." "පණ්ඩිතකං නැතිව උඹ මං කියන දේ කරය"
- Title
- ලෝවීනා - loveena
- Availability
- In Stock
- Categories
- Tranding Books, නවකතා, ආදර කතා
- Publisher
- බිසෝ ප්රකාශන - Biso Prakashana
- පිටු ගණන
- 305
- Tags
- Biso Prakashana, loveena, Mohan Raj Madawala, බිසෝ ප්රකාශන, මොහාන් රාජ් මඩවල, ලෝවීනා
Customer reviews are not available yet.







