You can contact us 24/7 +94 70 239 9003

ජීවිතයෙන් මාස හයක්

රු1,650.00රු1,485.00
Out of stock

''ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.'' සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ''අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ''යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය. ''බය වෙන්න කිසි දෙයක් කැහැ. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා.'' මම පිළිතුරු දුන්නෙමි. ''ඇයි ඔයා මාව බඳින්නෙ? ''ඇය ඇසුවාය. ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ''මම ඔයාට ආදරේ හින්දා'' යැයි කීම වුණත්, මම නොපුරුදු පිළිතුරක් සෙව්වෙමි.මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නඟාගන්නට උත්සහ කළෙමි. එවැන්නක් හමුනොවුණු තැන සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ. ''මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි. ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණයයි කියන්නෙ ඒක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතටෙ ලැබෙන්නේ එක වතාවයි. ඒක් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සේ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.'' මම කීමි. ''මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සේ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න''

Email when stock available

SKU: 27079

Categories: නවකතා, ආදර කතා

Title
ජීවිතයෙන් මාස හයක්
Availability
Out of stock
Categories
නවකතා, ආදර කතා
Publisher
මියුසස් පොත් - Muses Books
පිටු ගණන
410
Tags
Manjula Senarathne, මංජුල සේනාරත්න, jiwithayen masa hayak, ජීවිතයෙන් මාස හයක්

Customer reviews are not available yet.

Related products

Recently viewed items