20%
20% කොළපාට ඇස්-May December Romance
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්රධාන චරිතයන්ගේ ආදරය, ප්රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්රේමණීය වියමනකි.
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
"කෙල්ලෙක්ට සිගරට් අරං දෙන එක වීරකමක් කියල උගෙ හිතේ ඇති. මට ඕකව ඉස්සර ඉඳන් ම පෙන්නන්න බෑ." ඔහු යළි පිළිතුරු බැඳ තිබිණ. "ඔයාට මොකද්ද තියන ප්රශ්න? දැන් මං ගැන වද වෙන්න ඔයාට හේතුවක් නෑනෙ. ඔයා හොඳින් ඉන්න. මට මෙහෙම ඉන්න දෙන්න. ප්ලීස්."
- Title
- කොළපාට ඇස්-May December Romance
- Availability
- Out of stock
- Categories
- නවකතා, ආදර කතා
- Publisher
- Grantha Publisher
- පිටු ගණන
- 400
- Tags
- upul shantha sannasgala, උපුල් ශාන්ත සන්නස්ගල, kolapata as, May December Romance, කොළපාට ඇස්
Customer reviews are not available yet.





